සේවාවන්

බස්නාහිර පළාත් ක්‍රම සම්පාදන අංශය මගින් ඉටු කරනු ලබන රාජකාරී සහ සලසනු ලබන සේවාවන්:

  • පලාතේ පවතින සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම සහ සැලසුම් සඳහා පදනම සකසන යාවත්කාලීන ව්‍යුහගත තොරතුරුවලට අදාලව තොරතුරු රැස්කිරීම, එම තොරතුරු යාවත්කාලීන කිරීම සහ විශ්ලේෂණය කිරීමත් ප්‍රමුඛතා අතරින් හොඳම විකල්පය තෝරා ගැනීමට එම තොරතුරු සහාය කර ගැනීම.
  • මධ්‍ය කාලීන සැලසුමෙහි අපේක්ෂා, අරමුණු සහ ප්‍රතිඵල ලඟා කර ගැනීමට සෘජුවම අදාල වන්නාවූ සහ දායක විය යුතු වාර්ෂික වැඩසටහන් සැකසීමෙහිලා වැඩ විෂයයන් හඳුනා ගැනීම සහ බහුතර ජනතාවට ප්‍රතිලාභ සපයන්නාවූ සහ ඵලදායී වන්නාවූ කාර්යයන් උදෙසා ප්‍රතිපාදන සැපයීම සහ ප්‍රමුඛතාව ලබා දීම.
  • සැලසුම්කරණයේදී තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමට හා දේශගුණික විපර්යාස අනුහුරු සැලැස්මට අනුකූලව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාලව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මෙහෙයවීම හා ඇගයීම.

  • විශේෂිත අරමුනු මත පදනම්ව ආර්ථික හා සමාජයීය ඉලක්ක ළඟා කර ගැනීමට අදාලවන්නාවූ දැක්මක් සහිතව මධ්‍ය වාර්ෂික පලාත් සංවර්ධන සැලසුමක් සකස් කිරීම, ආංශීය සැලසුම්, වාර්ෂික ක්‍රියාකාරී වැඩසටහන් ඒ මත සකස් කිරීම.
  • සැලසුම් සැකසීමට අදාල ක්‍රියාවලිය තුළ සියළු සංරචකයන්ට අදාලව දැනටමත් සකසා ඇති විස්තරාත්මක ආංශීය සැලසුම් මත පදනම්ව එක් එක් සංරචකය / ක්ෂේත්‍රයෙහි අනාගත සංවර්ධන ක්‍රියාකාරකම් විධිමත් ලෙස හැසිරවීම.
  • පොදුවේ පලාතේ සංවර්ධනයට අදාලව හඳුනා ගත් ගැටළු සහ ප්‍රමුඛතා මත පදනම්ව විසඳුම් සැපයීම සඳහා සියළුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතනවලට සහය වීම සහ ජනතාවගේ ජීවන තත්වයන්හී ගුණාත්මක සංවර්ධනයට සහය වීම.

  • ක්‍රිරියාත්මක ව්‍යාපෘති / වැඩසටහන් අධීක්ෂණය සහ සම්බන්ධීකරනය මෙන්ම ව්‍යාපෘතීන්හී ප්‍රතිලාභ තක්සේරු කිරීම.
  • නිර්ණායක, වගකීම් සහ ආයෝජනයන්හී ඵලදායකත්වය කරා අනුගත වීම සහතික කිරීමට අදාල වැඩසටහන්, ව්‍යාපෘති සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම පිලිබඳව මෙහෙයුම් වගකීම් දැරීම.
  • නව ව්‍යාපෘති / වැඩසටහන්වල වටිනාකම සහ ප්‍රමාණය ඇස්තමේන්තුගත කිරීම
  • සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රශස්ත ප්‍රතිලාභී දායකත්වයන් ලබා ගැනීම සහ නිරන්තර පශ්චාත් පරීක්ෂා සහ ඇගයුම් පවත්වා ගැනීම.
  • සියළු අරමුණු සාධනය පිණිස එක්සත්, සහයෝගී සහ සාමූහික ප්‍රයත්නයන් දැරීම.