දේශගුණික විපර්යාස බලපෑම් සඳහා අනුහුරුවීම සහ ආපදා අවදානම අවම කිරීම සම්බන්ධයෙන් පාර්ශවකරුවන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන – කළුතර දිස්ත්‍රික්කය
පළාත් සභා බල ප්‍රදේශ තුළ දේශගුණ විපර්යාස පිළිබඳ ක්‍රියාකිරීම සඳහා ශක්තිමත් ආයතනික ව්‍යුහයක් සකස් කිරීම, පළාත් දේශගුණ විපර්යාස අනුහුරු සැලසුම් සකස්කිරීම සහ පළාත් සංවර්ධන සැලසුම්කරණයේදී දේශගුණ විපර්යාස අන්තර්ග්‍රහණය කිරීම යන කාර්යයන් සඳහා පළාත් දේශගුණ මණ්ඩලයක් සහ පළාත් දේශගුණ ඒකකයක් බස්නාහිර පළාත් සභාව තුළ මේ වන විට ස්ථාපනය කර ඇත.
බස්නාහිර පළාත තුළ, දේශගුණික බලපෑම් සඳහා අනුහුරුවීම් සහ ආපදා අවදානම අවම කිරීම සම්බන්ධයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී භූ විශමතා ලක්ෂණ මත , ඉතා බහුල වශයෙන්ම ජල ගැලීම් හා අනෙකුත් ආපදාවන්ට ලක්වීමේ වැඩි ප්රවනතාවයක් පවතින කළුතර දිස්ත්‍රික්කය වෙත ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට හඳුනාගන්නා ලදී.
ඒ අනුව;
- පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාරගහදෙනිය විවේකානන්ද දෙමළ කනිෂ්ඨ විද්‍යාලයේ සහ
- බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යටගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ
පාසල් සිසුන් හා ගුරුවරුන් දේශගුණික විපර්යාස බලපෑම් සඳහා අනුහුරුවීම සහ ආපදා අවදානම අවම කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පාසල් ආපදා කලමනාකරණ කමිටු/ රාජ්‍ය ආයතනවල නිලධාරීන් / දෙමව්පියන් සහ ප්‍රජා පාදක සමිතිවල නායකයන්ගේ සහභාගීත්වයෙන් 2024.11.05 සහ 2024.10.07 යන දිනවල පාසල් වැඩසටහන් දෙකක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම පාසැල් වැඩසටහන් පැවැත්වීම සම්බන්ධව මූලික රැස්වීම් කිහිපයක්, බස්නාහිර පළාත් සභා නිලධාරීන්ගේ, පාසැල් විදුහල්පතිවරුන් හා අදාල අනෙකුත් පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් මාසය තුල පවත්වන්නට යෙදුනු අතර, එහිදී මෙම කාර්යය සාර්ථකව ඉටුකරගැනීමට හේතුපාදක වන්නාවූ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නට යෙදුනි.