දේශගුණික විපර්යාස බලපෑම් සඳහා අනුහුරුවීම සහ ආපදා අවදානම අවම කිරීම සම්බන්ධදයෙන් පාර්ශවකරුවන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන – කළුතර දිස්ත්‍රික්කය
කසල කලමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණ උපායමාර්ග
බස්නාහිර පළාත තුළ, දේශගුණික බලපෑම් සඳහා අනුහුරුවීම් සහ ආපදා අවදානම අවම කිරීම සම්බන්ධදෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඉතා බහුල වශදෙන්ම ආපදාවන්ට ලක්වීමේ ප්රවනතාවක් පවතින කළුතර දිස්ත්‍රික්කය වෙත ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට හඳුනාගන්නා ලදී.
ඒ අනුව;
- පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාරගහදෙනිය විවේකානන්ද දෙමළ කනිෂ්ඨ
විද්‍යාලයේ සහ - බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යටගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ
පාසල් සිසුන් / ගුරුවරුන් සහ දෙමව්පියන් ඇතුලු ප්‍රදේශයේ ජනතාව දේශගුණික විපර්යාස බලපෑම් සඳහා අනුහුරුවීම සහ ආපදා අවදානම අවම කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා 2024.11.05 සහ 2024.10.07 යන දිනවල පාසල් වැඩසටහන් දෙකක් බස්නාහිර පළාත් දේශගුණ ඒකකය විසින් එහි පාර්ශවකාර අනෙකුත් ආයතනයන්ගේද සම්පත් දායකත්වයෙන් පවත්වන්නට යෙදුනි.
මීට සමගාමීව, දේශගුණික විපර්යාස බලපෑම් සඳහා අනුහුරුවීම සහ ආපදා අවදානම අවම කිරීම සම්බන්ධයෙන් සෘජු දායකත්වයක් දරන කසල කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව උක්ත පාසැල්වල දරුවන් සහ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක්, 2024.11.19 දින පවත්වන්නට යෙදුනි.
මෙහිදී;
- කසල කලමනාකරණයෙහි වැදගත්කම.
- පාසැල් පරිසරය තුල කසල කලමණාකරණය සහ කසල වෙන් කිරීමේ අවශ්‍යතාව.
- ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතයෙන් පරිසර හිතකාමී ගඩොල් නිර්මානය කිරීම.
- කසල මුදල් බවට පත්කර ගැනීමේ ප්‍රතිචක්‍රීකරණ උපායමර්ග.
ආදී කරුණු පිළිබඳව පාසැල් දරුවන් දැනුවත් කරන ලද අතර, බස්නාහිර පළාත් කසල කලමනාකරණ අධිකාරියේ සහකාර අධ්යක්ෂ (තාක්ශණ සහ පුහුණු) ආර්. ශන්මුගප්රියා මහත්මිය විසින් සහ කළුතර දිස්ත්‍රික් කලමණාකාරිනී නිරන්ජා ජයසේන මහත්මිය විසන් පාසැල් දරුවන් සඳහා විෂය දැනුම බෙදා දෙන ලදී.
මෙහිදී, දරුවන් ක්‍රියාකාරී ලෙස සහ නිර්මාණාත්මකව කසල කළමනාකරණය සඳහා යොමුකිරීම උදෙසා, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් සහ විවිධ ක්‍රියාකාරකම් වෙත ඔවුන් යොමු කරන ලද අතර ජයග්රහන ලද දරුවන් සඳහා ත්‍යාග ප්‍රධානය කිරීමද සිදුවිය.