ආපදා අවදානම අඩු කිරීම සහ එවැනි අවස්ථාවකදී අනුගමනය කලයුතු ක්‍රියා මාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන – කළුතර දිස්ත්‍රික්කය විවේකානන්ද දෙමළ විද්‍යාලය, මාරගහදෙනිය, බදුරලිය
කළුතර දිස්ත්‍රික්කය, බස්නාහිර පළාත තුල පිහිටි ආපදා අවදානම බහුලම දිස්ත්‍රික්කය වේ. කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ඒ අතරිනුත් භූ විශමතා හේතූන් මත නාය යාම් අනතුරු සහ ගංවතුර වැනි ස්වභාවික ආපදාවන්ට බොහෝ පහසුවෙන් ලක්වන ප්‍රදේශයක් වන අතර , මාරගහදෙනිය, බදුරලිය විවේකානන්ද දෙමළ විද්‍යාල පරිශ්‍රය හා ආසන්න භූමි භාගයන්හි පවතින් භූ විශමතා ලක්ශණ අනුව, එම ප්‍රදේශය ආපදා සංවේදී කලාපයක් ලෙස කළුතර දිස්ත්‍රික් ජාතික ගොඩනැගිලි පර්යේශණ ආයතනය විසින් හඳුනාගෙන ඇත.
ඒ අනුව, දේශගුණික බලපෑම් සඳහා අනුහුරුවීම් සහ ආපදා අවදානම අවම කිරීම සම්බන්ධයෙන් පළාතේ අධි අවදානම් කළාපයන්හි ජීවත්වන ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මත, ආපදා අවදානම අඩු කිරීම සහ එවැනි අවස්ථාවකදී අනුගමනය කලයුතු ක්‍රියා මාර්ග පිළිබඳව පාසැල් සිසුන්, දෙමාපියන් ඇතුළුව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාත් දේශගුණ ඒකකය මගින් කළුතර දිස්ත්‍රික්කයේ, මාරගහදෙනිය, බදුරලිය විවේකානන්ද දෙමළ විද්‍යාලයේදී 2024.11.05 දින පවත්වන්නට යෙදුනි.
මෙම වැඩසටහනේදී, සහභාගීවූවන් හට හදිසි අවස්ථාවකදී ආපදාවකට ලක්වන ස්ථානයකින් ඉවත්වී යන ආකාරය පිලිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන ලදී. තවද, කාලගුණ විපර්යාසයන්හි බලපෑම, කසල කලමනාකරණයෙහි ඇති වැදගත්කම, නායයාමේ අවදානම් හඳුනාගැනීම හා හානි අවම කර ගැනීම සහ ආපදාවන්ට ලක්විය හැකි ප්‍රදේශ හඳුනාගැනීම හා සිතියම්ගතකරණය පිළිබඳවද දැනුවත්කිරීම් සිදු කරන ලදී.
මෙම වැඩසටහන සඳහා සම්පත්දායකයන් ලෙස ග්ලෝබල් ග්‍රීන් ග්රෝව්ත් (GGGI) ආයතනයේ ආයතනික නිලධාරී සුමුදු සිල්වා මහතා, ජාතික ගොඩනැගිලි පර්යේශණ ආයතනයේ කළුතර දිස්ත්‍රික් නිලධාරී ධනුශ්ක මහතා, බස්නාහිර පළාත් කසල කලමනාකරණ අධිකාරියේ දිස්ත්‍රික් කලමණාකාරිනී නිරන්ජා ජයසේන මහත්මිය, සේව් ද චිල්ඩ්රන් (Save the Children) ආයතනයේ ජ්‍යේෂ්ඨ තාක්ෂණික උපදේශක මේනක විජේසිංහ මහතා සහ ශ්‍රී ලංකා රතු කුරුස ආයතනයේ වැඩසටහන් නිලධාරී නිමල් සිල්වා, කලුතර දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකයේ චන්දිමාල් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.
පළාත් දේශගුණික මණ්ඩලයේද එකඟතාවය සහිතව මාරගහදෙණිය, බදුරලිය විවේකානන්ද දෙමළ විද්‍යාලයට ඵලදායි අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සහ ආපදා අවම කිරීමේ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය මගපෙන්වීම සහ සහයෝගය ලබාදීමට බස්නාහිර පළාතේ පළාත් දේශගුණ ඒකකය සැලසුම් කරයි.