අරමුණු හා කාර්යභාරය

අරමුණු හා කාර්යභාරය

අරමුණු:

  • පළාත තුළ සමතුලිත සහ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම උදෙසා උපාය මාර්ග සකස් කිරීම.
  • ජාතික සංවර්ධන අරමුණු හා ඉලක්ක පදනම් කරගෙන පළාත් සංවර්ධන අරමුණු හා ඉලක්ක සාක්ෂාත් කරගැනීම.
  • සීමිත සම්පත් තුලින් උපරිම ඵලදායීතාවයක් ළඟා කර ගැනීමට හැකි පරිදි සැලසුම් සම්පාදනය කිරීම සහ ව්‍යාපෘති / වැඩසටහන් කලමනාකරණය කිරීම.

කාර්යභාරය:

  • ජාතික සංවර්ධන ඉලක්ක පදනම් කරගෙන ග්‍රාමීය ප්‍රාදේශීය හා පළාත් මට්ටමේ සහභාගිත්වය ඇතිව පළාත් සංවර්ධන සැලසුම් සකස් කිරීම.
  • නිශ්චිත පරමාර්ථ හා අරමුණු පදනම් වු ආර්ථික අවකාශීය දැක්මකින් යුත් මධ්‍යකාලීන පළාත් සංවර්ධන සැලැස්මක් පිළියෙළ කිරීම, ඒ තුළ ආංශිය සැලසුම්, වාර්ෂික ක්‍රියාත්මක වැඩසටහන් සකස් කිරීම.
  • ආයතනික ප්‍රතිඵල රාමුවට අනුකූලව වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්ම පිලියෙල කර එය ක්‍රියාත්මක කිරීම , ප්‍රගති පාලනය හා අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගැනීම.
  • විවිධ අරමුදල් යටතේ ක්‍රියාත්මක පළාත් සංවර්ධන සැලැස්ම පිළියෙළ කිරීම, ප්‍රගතිය ඇගයීම හා ඉලක්ක කරා ළඟා වීම.
  • ආංශික සැලසුම් හා ආයතනික සැලසුම් පිළියෙළ කිරීම හා ඒ සඳහා ආයතනවලට සහාය වීම.
  • පළාත් සභා සභිකයන්ගේ ව්‍යාපෘති යෝජනා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම.
  • විදේශීය අරමුදල් වලින් ක්‍රියාත්මක කරනු ලැබිය හැකි ව්‍යාපෘති යෝජනා පිළියෙළ කිරීම හා ක්‍රියාවට නැංවිමට අවශ්‍ය පහසුකරණ වැඩපිළිවෙළක් සැකසීම.
  • සැලසුම්කරණය සඳහා පදනම් වන මනා ව්‍යුහාත්මක තොරතුරු වැඩි දියුණු කිරීමට අදාළ වන තොරතුරු එක්රැස් කිරීම, ක්‍රමානූකූලව යාවත්කාලීනව පවත්වා ගැනීම හා විශ්ලේෂණය.
  • ප්‍රතිපත්ති සම්පාදනය සහ තාක්ෂණික සහාය සඳහා මුදල් කොමිෂන් සභාව සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමඟ අදාල සම්බන්ධීකරණ කටයුතු.
  • සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියට අයත් වන ආකාරයට නිලධාරීන් අතර කාර්ය කටයුතු හා වගකීම් බෙදා හැරීම හා ඊට අදාල ආයතනික ව්‍යුහය ස්ථාපිත කිරීම, පළාත් සැලසුම්, ආංශීය සැලසුම් මෙන්ම ප්‍රතිලාභී සහභාගිත්වය තහවුරු කර ගැනීමට අදාල වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාකාරී සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කර ගැනීම.
  • සමීක්ෂණ හා පර්යේෂණ පැවැත්වීම හා නිරන්තර පසු විපරම හා ඇගයීම් ක්‍රියාවලියක් සිදු කිරීම.‍
  • සමස්ත අරමුණු මුදුන්පත් කර ගැනීම පිණිස ඒකාබද්ධ හා සහයෝගීතාවයෙන් යුතුව සාමුහිකව කටයුතු කරනු ලැබීම.