දේශගුණික විපර්යාස පිළිබඳ විද්‍යාත්මක පසුබිම සහ ආශ්රිත දත්ත පිළිබඳ වැඩමුළුව – 2024.10.09
දේශගුණික විපර්යාස බලපෑම් වලට අනුහුරුවීම පිළිබඳ පළාත් සැලැස්ම තුල පාර්ශ්වකරුවන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම සඳහා මාර්ග සිතියමක් සකස් කරන ලද අතර, එම කාර්යයට මුලපිරීමක් ලෙස දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා බස්නාහිර පළාත් සභාවේ පළාත් දේශගුණික ඒකකය විසින් දේශගුණික විපර්යාස පිළිබඳ විද්‍යාත්මක පසුබිම සහ ආශ්රිත දත්ත පිළිබඳ වැඩමුළුවක් සංවිධානය කරන ලදී.
දේශගුණික විපර්යාස වෙත අනුවර්තනය වීම සහ එහි බලපෑම අවම කිරීම පළාත් සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී නිර්නායකයක් ලෙස අදාල කර ගැනීමට මග පෙන්වීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන බස්නාහිර පළාත් සභාවේ නිලධාරීන් සඳහා පවත්වන ලදී. එහිදී, දේශගුණික විපර්යාස උග්‍ර කිරීමට කාර්මික සංවර්ධනයේ බලපෑම් හේතුවී ඇති ආකාරය සහ පරිසරයට එහි බලපෑම පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කරන ලදී. දේශගුණික විපර්යාසයන්, කාලගුණික රටා මත ඇති කරනු ලබන බලපෑම සහ ගෝලීය පරිසරය මෙම දේශගුණික විපර්යාස රටා වලට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමුකරන ලදී. පළාත් සංවර්ධන කාර්යයේදී දේශගුණික විපර්යාසවල බලපෑමට අනුහුරුවීම සහ එම බලපෑම් අවම කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලද අතර, Global Green Growth ආයතනයේ (GGGI) ආයතනික නිලධාරී සුමුදු සිල්වා මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් K.G.H. සේනක P. සිල්වා මහතා විසින් මේ පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.