මෙහෙවර

“බස්නාහිර පළාතේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා ලබාගත හැකි විවිධ සම්පත් උපයෝගී කර ගනිමින්,තිරසාර සංවර්ධනයකට යොමු කෙරෙන සැලසුම් සම්පාදනය කිරීම,ක්‍රියාත්මක කිරීම,මෙහෙයවීම සහ ඇගයීමට දායකවීම.”

අරමුණු සහ කාර්යයන්

  1. සැලසුම්කරණය සඳහා පදනම් වන මනා ව්‍යුහාත්මක තොරතුරු වැඩි දියුණු කිරීමට අදාළ වන තොරතුරු එක්රැස් කිරීම, ක්‍රමානූකූලව යාවත්කාලීනව පවත්වා ගැනීම හා විශ්ලේෂණය. ඒ තුළ ගැටළු හදුනා ගැනීම, විසදුම් සෙවීම, විකල්පයන් අතරින් ප්‍රමුඛතාවයන් පෙළගස්වා යෝග්‍යතම විසදුම් තීරණය කිරීමට සහාය වීම.
  1. නිශ්චිත පරමාර්ථ හා අරමුණු පදනම් වු ආර්ථික අවකාශීය දැක්මකින් යුත් මධ්‍යකාලීන පළාත් සංවර්ධන සැලැස්මක් පිළියෙළ කිරීම, ඒ තුළ ආංශිය සැලසුම්, වාර්ෂික ක්‍රියාත්මක වැඩසටහන් සකස් කිරීම.
  1. දේශිය හා විදේශීය අරමුදල් වලින් ක්‍රියාත්මක කරනු ලැබිය හැකි ව්‍යාපෘති යෝජනා පිළියෙළ කිරීම හා ක්‍රියාවට නැංවිමට අවශ්‍ය පහසුකරණ වැඩපිළිවෙළක් සැකසීම.
  1. සංවර්ධනයේදී පුද්ගලික අංශයේ සහ සමාජ සංවිධානවල සහභාගීත්වය සඳහා පහසුකම් සැලසීම.

තව කියවන්න